මුදල් පරිහරණයේදී අවධානයෙන් සිටින්න..! හොර නෝට්ටු අච්චු ගැසූ තරුණයෙක් කොටුවෙයි (PHOTOS)

Police spokesman Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 11, 2022 06:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුපියල් දහසේ සහ පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණයෙකු කන්කසන්තුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

27ත් හැවිරිදි වියේ පසු වූ අදාළ තරුණයා විසින් මුද්‍රණය කළ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් නල්ලූර් කෝවිල් පරිශ්‍රයේ වෙළඳසැල්වලට ලබා දී භාණ්ඩ මිලට ගත් අවස්ථාවේදීයි කෝපායි පොලීසියේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා ලද පරිගණකයක් හා තවත් උපාංග කිහිපයක්ද මුද්‍රණය කරමින් තිබූ තවත් නෝට්ටු කීපයක්ද සැකකරු සමග පොලීසිය භාරයට ගෙන තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGallery
ReeCha