කොරෝනා මරණ සහ ආසාදිතයින්ගේ දත්ත වැරදිද..දත්ත මෙලෙස සැඟවීමේ සැබෑම අරමුණ කුමක්ද..?
කොරෝනා රෝගීන්ගේ මරණ සහ වාර්තා වන රෝගීන්ගේ විශාල පරතරය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස තම සංගමය අවස්ථා කිහිපයකදී වසංගත රෝග විද්‍යා ඒකකය, සෞඛ්‍ය ලේකම් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එසේ නොකළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, අවස්ථා කිහිපයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම දත්ත පරස්පරතාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති නමුත් 'අවාසනාවකට' අද වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර ඒ පිළිබඳව සත්‍ය තොරතුරු ජනතාවට හෙළි කිරීමට අපොහොසත් වී ඇති බවය.
එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, වසංගතය සම්බන්ධයෙන් නිවැරදිව තොරතුරු සන්නිවේදනය කරමින් ජනතාව දැනුවත් නොකිරීමේ අවසාන ප්‍රතිඵලයට අද වන විට සමස්ත රට ම මුහුණ දෙමින් සිටින බවය.
මේ අතර, අද (අගොස්තු 18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කොවිඩ් මරණ සහ අසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ,
ආණ්ඩුවට කොවිඩ් මරණ සහ ආසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛන විකෘති කිරීමට කිසිදු අවශ්‍යාතාවක් නොමැති බවය. යම් කෙනෙකු එම සංඛ්‍යා ලේඛන විකෘති කර ඇත්නම් එය වහා ම හෙළිදරව් කරන ලෙස ද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේය.
"කොහේ හරි තැනක සංඛ්‍යා ලේඛන වැරදිලා තියෙනවා නම් ඒක Human Error එකක් නම් මනුස්සයෙක් අතින් වැරැදිච්ච දෙයක් නම් ඒක අපි කිසි ම ගැටලුවක් කරගන්නේ නැහැ. ඒ වැරැද්ද නිවැරදි කර ගන්න ඕන. තියෙන චෝදනාව සැලසුම් සහගතව මේ සංඛ්‍යා ලේඛන වෙනස් කරනවා කියන එක. ඒ පිළිබඳව ඊයේ කැබිනට් මණ්ඩලයෙත් සාකච්ඡා කරා සෞඛ්‍ය අමාත්‍යංශයටත් උපදෙස් දුන්නා කඩිනමින් ඒ පිළිබඳ පරීක්ෂා කරල බලන්න. මොකද මාධ්‍ය නාලිකා කිහිපයක් වගකීම් සහගතව ඒ ඒ දිස්ත්‍රික්කවලට වෙන් කරල පෙන්නුවා. අපිට පෞද්ගලික අවබෝධයක් නැහැ. ඒ පළාත්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග නිවාරණ ඒකකය විසින් නිකුත් කරපු සංඛ්‍යා ලේඛනවල පරස්පරයේ මොකක් ද හරි කියන කාරණය පිළිබඳව හරියට අපිට මූලික වැටහීමක් නැහැ."
කිසියම් හෝ තැනක මානුෂීය වැරැද්දකින් තොරව මෙය සිදු වී ඇත්නම් එය බරපතළ වැරැද්දක් බවත් එය වහා ම නිවැරදි කළ යුතු බවත් ඔහු පැවසීය. ජනතාව ජීවිතය ඉල්ලන මෙවන් මොහොතක ජනතාව නොමග යවන මෙවන් ක්‍රියාවක් යම් කෙනෙකු සැලසුම් සහගතව කරනවා නම් ඒ පිළිබඳව සොයා බලා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙය හෙළිදරව් කරනු ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි...?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |