මෙරට වැදගත් පනතක් සංශෝදනය කරයි.

Politics Parliment Sri lanka
By Sithumi Sep 16, 2021 01:40 PM GMT
Sithumi

Sithumi

Report

GSP+ සහනය තවදුරටත් ලබාගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව විදේශ අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. 

එම සහනය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් එළඹෙන 27 වැනිදා මෙරටට පැමිණිමට නියමිතය. මෙරටට පැමිණෙන යුරෝපා සංගමයේ දූත පිරිස ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමටද නියමිත අතර ජි.එස්.පී ප්ලස් සහනය තවදුරටත් ලබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙස දැනුම් දී තිබේ.