සුපිරි ෆේස්බුක් පාටිය වටලයි..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 09, 2023 02:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පන්විල පොලිසියේ නිලධාරීන් විසින් Facebook සමාජ ජාලය ඔස්සේ පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය සාදයකට සහභාගී වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සාදයට කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 112 දෙනෙකු සහභාගී වී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, එහිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙකු සහ සාදය සංවිධානය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 21ත් 33ත් අතර වයසේ පසුවන මාතර, නාරම්මල, අඹතැන්න, උකුවෙල, ගම්පොළ, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

ReeCha