Facebook ආයතනය Apple සමඟ කරට කර හැප්පෙයි – ළඟදීම එළිදැක්වීමට නියමිත අළුත්ම උපාංගය මෙන්න.

Sri Lanka Facebook World Appal
By Aruna Jun 10, 2021 07:47 AM GMT
Aruna

Aruna

Report

ලෝකයේ 50% වඩා භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් තමයි Facebook කියන්නේ.

ඒ නිසාම Facebook වටා එකතු වෙලා ඉන්න පිරිස ඉතාම විශාලයි. ඉතින් ඔවුන් කැමතියි Facebook හරහා තවත් අලුත් අලුත් දේවල් ඔවුන් වෙනුවෙන් තෑගි කරනවට.

ඒ බව දන්න Facebook සමාගම මේ වෙද්දි ඔබට දෙන්න අපූරු තෑග්ගක් සූදානම් කරමින් යනවා. ඒ තමයි Facebook නිෂ්පාදනය කරන පළවෙනි ස්මාර්ට් ඔරලෝසුව.

මේ ස්මාර්ට් ඔරලෝසුව ගැන කතා බහ ඇති වෙන්නේ 2019 අවුරුද්දේ. එදා ඉඳන් මේ ඔරලෝසුව වෙනුවෙන් ඩොලර් බිලියනයක් විතර වැය කරලා තියනවා කියලයි ආරංචි වෙන්නේ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක ස්මාර්ට් ඔරලෝසුවක්. කැමරා දෙකක් එක්ක ඡායාරූප ගන්න, වීඩියෝ කරන්න, මැණික් කටුව ලඟින් වෙන් කරන්න පුළුවන් වෙන විදියට තමයි මේ ස්මාර්ට් ඔරලෝසු නිෂ්පාදනය කරලා තියෙන්නේ.

ස්මාර්ට් ඔරලෝසු නිෂ්පාදනයේ දැවැන්ත පුරුකක් වන Apple සමාගමත් එක්ක කරට කර ඉන්න Facebook සමාගමට හැකි වෙලා තියෙනවා. ඔවුන් පවසන විදිහට වෙළෙඳ පොළේ දී ඔබට Facebook ස්මාර්ට් ඔරලෝසුව ඩොලර් 400ක් වගේ මිලකට මිලදී ගන්න පුළුවන් බව තමයි ආරංචි වෙන්නේ.

You may like this video


කළු, සුදු සහ රන්වන් පාට යන වර්ණ තුනකින් මේ නිෂ්පාදනය වෙළඳපොළට පැමිණීමට නියමිතයි. ඒ කොහොම වුණත් 2022 අවුරුද්ද වෙනකොට මේ ඔරලෝසුව මිලදී ගන්න වෙළඳපොළට යොමු කරන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.

මේ ගැන පසුගිය පෙබරවාරි මාසයේදී ඉඟියක් නිකුත් කළත් ඒ පිළිබඳව වැඩිදුර කතා කළේ නැහැ.

හැබැයි මේ වෙනකොට ඔරලෝසුවේ බොහෝමයක් වැඩ අවසන් කරලයි තියෙන්නේ. මෙහි තිබෙන විශේෂත්වය තමයි ජංගම දුරකථනයක් හෝ ගෝප්‍රෝ කැමරාවක ඇති ආකාරයට ඡායාරූප සහ වීඩියෝ ලබා ගත හැකි වීම.

ඒ වගේම විශේෂ කොටසක් විදියට මේ ස්මාර්ට් ඔරලෝසුව ට Facebook සහ Instagram ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔරලෝසුවේ පුනරාවර්තනය වන AR ස්මාට් වීදුරුවක් සමඟින් නිෂ්පාදනය වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

Facebook සහ ඇපල් සමාගම අතර 2014 අවුරුද්ද ඉඳන්ම විවිධ මත ගැටුම් තිබෙන බව හැමෝම දන්න කාරණයක්. මත ගැටුම් වලට වඩා ඔවුන් අවධානය යොමු කරල තියෙන්නේ අපි අනාගතයේදී තාක්ෂණයත් එක්ක කටයුතු කරන කරන්නේ කොහොමද කියන කාරණය ගැන.

ඉතින් ඔබ ලෑස්තිද Facebook එක්ක එකතු වෙලා මේ අලුත්ම ස්මාර්ට් ඔරලෝසුවේ පහසුකම් අත්විඳින්න. අනිවාර්යෙන්ම අනාගතයේ දී මේ නිෂ්පාදනය ලෝකයේ අලුත් පෙරළියක් කරන බව ස්ථිරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery