ප්‍රබල ඇමතිවරයෙකුගෙන් කවුරුත් නොසිතූ ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහනක්
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට භාවිත වන උපකරණවලට අදාළ සියලු ලිපිගොනු ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මකා දමා ඇති "ඊ දත්ත ගොනුවෙහි" අදාළ තොරතුරු ඇතුළත්ව නොතිබූ බවය.
මේ සම්බන්ධයෙන් ඊයේ (01) දිනයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් තමන් සමඟ පැවති සාකච්ඡාවකදී තහවුරු කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හා පී.සී.ආර් පරීක්ෂණ කට්ටල ලියාපදිංචිය සම්බන්ධයෙන් ආයතන 13ක් ඖෂධ නියාමන අධිකාරිය වෙත අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බවය.
ඉන් ආයතන 4ක් සඳහා පමණක් ලියාපදිංචිය ලබාදී ඇති අතර අයදුම්පත්‍ර 6ක් ප්‍රතික්ෂේප කිරීමට ද අනෙක් අයදුම්පත්‍ර 3 සම්බන්ධයෙන් තවදුරටත් ඇගයීම් සිදුකරන බව ද සඳහන්ය. අදාළ සියලු දත්තයන් ලේඛනගත ක්‍රමය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කර ඇති බැවින් ඊට අදාළ සියලු ලිපිගොනු ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ "ඊ දත්ත පද්ධතිය" මකා දැමීම තුළින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට භාවිත වන උපකරණවලට අදාළ කිසිදු දත්තයක් මැකී ගොස් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
එම සටහන පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
