තැන්පත්කරුවන් 8000කගේ පමණ කෝටි ගණන් මුදල් අරන් මූල්‍ය ආයතනය ලොක්කා පනී..!
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් වංචා කර ඇතැයි අනාවරණ කරගෙන තිබේ.
පොලීසිය පවසන්නේ, මේ වනවිට එහි හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.
මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය. මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ, අදාළ මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවයි.
අදාළ සමාගම ආරම්භයේදී මසකට සියයට 6ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර තිබේ. පොලීසිය පැවසුවේ, මේ වනවිට එය මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර අනතුරුව එහි අධ්‍යක්ෂවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.
ඒ පිළිබඳව විමසීම සඳහා තැන්පත්කරුවන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අවස්ථාවලදී එහි සිටි ඔහුගේ ආරක්ෂකයින් තමන්ට තර්ජනය කළ බව තැන්පත්කරුවන් පවසයි. තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.
එමෙන්ම තැන්පත්කරුවන් තැන්පත් කළ මුදල්වලින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා කුරුණෑගල වැව රවුමේ ඇතුළු ප්‍රදේශ රැසක සුඛෝපභෝගී නිවාස හා ඉඩම් මිලදීගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව විමර්ශන නිලධාරීන් මේ වනවිට ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
