අක්ෂි කාච නොමිලේ ලබා ගත හැකියි - වැඩේ වෙන්නේ මෙහෙමයි..

Jaffna Sri Lanka Hospitals in Sri Lanka
By krishani Sep 21, 2023 10:00 AM GMT
krishani

krishani

Report

යාපනය ශීක්ෂණ රෝහල ස්වේච්ඡා සංවිධාන කීපයක ආධාර මත අක්ෂි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ ඇස්වල සුද ඉවත් කොට ඇස් කාච නොමිලේ ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ඒ අනුව මේ දිනවල රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

මේ අතර පදවිය, කැබිතිගොල්ලෑව, වවුනියාව, මැදවච්චිය යන ප්‍රදේශවල සිටින අක්ෂි රෝගීන්ට ද මෙම වැඩ සටහන තුළින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථව සලසා දී තිබෙනවා.

මේ සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ එම්.මලරවන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඇස්වල සුද ඉවත් කොට අක්ෂි කාච යොදනු ලබයි.

එයට ලන්ඩනයේ හා මැලේසියාවේ ස්වේච්ඡා සංවිධානවලින් ආධාර ලැබෙන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, අක්ෂි ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන් ඔවුන්ගේ ගම් පළාතේ සිට යාපනය රෝහල දක්වා ප්‍රවාහනය සිදුකරනු ලබයි.

එමෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදී සියල්ල නොමිලයේ ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් වන්නේ.

ReeCha