ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට සුබ පණිවිඩයක්

By Kanchana Dec 29, 2025 11:44 AM GMT
Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලය 2026 වසරේ ජනවාරි 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව  නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප 2026.01.31 දින දක්වා වැඩ කරන දිනයන්හි අදාළ තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට ලබා ගැනීමේ හැකියාව පවතී .

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178, 753 වන අතර, ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රමාණය 6,312 ක් ලෙස වාර්තා වේ.

ඔන්න වාහන තියෙන අයට චීනෙන් සුබ ආරංචියක්

ඔන්න වාහන තියෙන අයට චීනෙන් සුබ ආරංචියක්

රජය විසින් මෙම ප්‍රතිලාභීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට මාසයකට රුපියල් මිලියන 413ක මුදලක් වැය කරනු ලැබේ.

ඒ අනුව පසුගිය කාල වකවානුව තුළ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් හට සිදු වූ ආපදාවන් හේතුවෙන් තැපැල් කාර්යාලවලට ළඟාවීමේ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන දෙසැම්බර් මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් 31 දින දක්වා මීන් පෙර ද දීර්ඝ කර තිබුණි .

මෙම වසරේ සංචාරක පැමිණීම ඉතිහාසගත වාර්තාවක්

මෙම වසරේ සංචාරක පැමිණීම ඉතිහාසගත වාර්තාවක්