එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊ මේල් දත්ත පද්ධතිය මකලා කරපු වැඩේ මාට්ටු

By Mithu Sep 12, 2025 09:24 AM GMT
Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙන ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා පැවසීය.

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

දත්ත මකා දැමීමට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න තහවුරුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර ආයතනයක් මගින් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ද පැවසීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය. අන්තරාවක් තිබූ නැවෙහි දත්ත පද්ධතිය මැකුවේ කවුරුන්ද ඊට දේශිය හෝ විදේශීය කුමන්ත්‍රණයත් තිබේද ?

රතන හිමි ඇප මත මුදා හරියි

රතන හිමි ඇප මත මුදා හරියි

අපරාධකරුවන් කවුරුන්ද යන්න සනාථ කිරීම සඳහා මෙම ජාත්‍යන්තර පරීක්ෂණය සිදු කරන බවද සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. මෙම ජාත්‍යන්තර පරීක්ෂණය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත්,නොබෝ දිනකින් අනුමැතිය ලබාගෙන අදාළ පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර ආයතනයක් තෝරාගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න

රන් මිල දිනෙන් දින ඉහළට - නවතම ගණන් මෙන්න