"එක්ස්ප්‍රස් පර්ල්" නැවෙන් වන්දි ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාට මොකද වුණේ?
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට සාගර පරිසරයට වූ හානිය හේතුවෙන් ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වී තිබෙනවා.
එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතී අතර ඊට නෞකාව අයිති සමාගමේ නියෝජිතයන් මෙන්ම රක්ෂණ නියෝජිතයන් ද ඇතුලු වගකිවයුතු පාර්ශව ගණනාවක් පැමිණි බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සඳහන් කළේ.
මෙය නාවුක ඉතිහාසයේ වූ සුවිශේෂි අනතුරක් බවද එයින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, අන්තරායකර රසායනික අපද්‍රව්‍ය, තෙල්, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය සාගරයට එකතු වී මහා පරිමාණ සාගර දූෂණයක් සිදු වූ බවයි සාගල රත්නායක එහිදී අවධාරණය කළේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලාපයේ වැඩිම සාගර ජීවීන් සංඛ්‍යාවක් මරණයට පත් වී තිබෙන්නේ මේ අනතුරින් බවට පරියේෂණ වාර්තා ඉදිරිපත් වී ඇති බවයි.
මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් සි ඇත්තේ, මෙම නෞකා අනතුරට සම්බන්ධ කපිතාන්වරයා ඇතුළු අනෙකුත් පාර්ශවයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු ඉක්මන් කර ඒ අයට විරුද්ධව අධිචෝදනා බාරදෙන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |