විභාග ප්‍රතිඵලවලින් අධ්‍යාපනය මැනීමේ ක්‍රමය වෙනස් කළ යුතු බව කියන හරිනි [PHOTOS]

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අපගේ අධ්‍යාපනය ක්‍රමවේදය දෙස අප බලන්නේ ද පටු ආකල්ප මත බවත් විභාග ප්‍රතිඵලවලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි බවත් පවසා ඇත.

මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

එය වෙනස් විය යුතු බව ඇය අද (13) දින පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලයේ පැවති උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් "පංකජ සිසු සමුළුව 2025" අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළා.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවට සහභාගි වූණේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලය නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රවීන් මනීෂ වත්තේගම ශිෂ්‍යයාගේ ආරාධනයකට අනුව බව සඳහන්.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ,

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

"විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තුළින් දක්ෂතා සහිත දරුවන්ට තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි කැපවෙනවා. සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා. තමන්ගේ කාර්යය සහ අවශ්‍යතාවය පමණක් ඉටු කරලා පැත්තකට වෙන දරුවන් නෙවෙයි පොදු සමාජය ගැනම හිතල වැඩ කරන දරුවන් බිහි කිරීමයි වැදගත් වෙන්නේ. අද මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය දැකල මම ඇත්තටම ගොඩක් සතුටුු වුණා. අපේ රටේ අනාගත නායකත්වය භාරගන්න ඉතාම දක්ෂ දරු පිරිසක් ඉන්නවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. නිර්මාණශීලීත්වය වගේම මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඔබේ දක්ෂතා දැකලා මම තවත් ධෛර්යමත් වුණා. ඔබ තමයි අපිට වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපි සියලු දෙනාම එකතුවෙලා සංවේදී , හොඳ ආකල්ප සහිත සමාජයක් බිහි කරන්න කැපවෙමු" යනුවෙන්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

GalleryGalleryGalleryGallery