විභාග දෙපාර්තමේන්තුව විසඳාගත නොහැකි ලොකු ප්‍රශ්නයක.
විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් (තාක්ෂණ) තනතුරට මීට මාස පහකට පෙර පත් කරන ලද අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියට මේ දක්වා එම අංශයේ රාජකාරි භාරගැනීම පරිගණක අංශයේ නිලධාරීන් විසින් වළක්වා තිබෙනවා.
ඒ, හේතුවෙන් එම නිලධාරිනියට කටයුතු කිරීමට සිදුව ඇත්තේ දෙපාර්තමේන්තුවේ වෙනත් අංශයක සිටයි.
කෙසේ වෙතත් එම අංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ මෙවැනි තනතුරක් දෙපාර්තමේන්තුවේ නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරට මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට ද පැමිණිලි කර තිබෙන නමුත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැත.
දෙපාර්තමේන්තු රීති සංග්‍රහයට අනුව පරිගණක අංශය, විභාග කොමසාරිස් ( තාක්ෂණ ) යටතේ වන ශාඛාවක් වන අතර මෙම පත්වීම ද කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙනි. එමෙන්ම මෙම නිලධාරිනියට රාජකාරි කිරීම වැළැක්වීමට මූලික වශයෙන් කටයුතු කරන නිලධාරියෙක් සිය සේවා දිගුව ලබා ගැනීමට අදාළ සංවිධාන ව්‍යුහය අනුව ද පරිගණක අංශය ක්‍රියාත්මක වන්නේ විභාග කොමසාරිස් ( තාක්ෂණ ) යටතේය.
එලෙස නව නිලධාරිනියට වැඩ භාරගැනීම වළක්වමින් සිටින පරිගණක අංශය මගින් පසුගිය කාලයේ දී සාවද්‍ය තොරතුරු නිකුත් කර තිබෙන බවත් විභාග තහනමට ලක් වූ අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බවත් අමාත්‍යාංශයට යවා තිබෙන ලිපියේ සඳහන්.
You may like this video
