ඉදිරි විභාග කටයුතු ගැන දැනුම්දීමක්

Bandula Gunawardane Sri Lanka Department of Examinations Sri Lanka
By Sithumi Aug 16, 2022 11:36 AM GMT
Sithumi

Sithumi

Report

සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතය සහ රට තුළ පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් සිසුන්ට විශාල පාසල් දින ගණනක් අහිමි වූ බවයි විශේෂයෙන්ම පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සහ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මේ හේතුවෙන් විශාල අසාධාරණයක් වූ බවත් බලධාරින් සහ අධ්‍යාපන විශේෂඥයින් මේ පිළිබඳ විවිධ වැඩමුළු සිදු කරමින් මේ පිළිබඳ අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයිද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha