විභාග ප්‍රතිඵල සියයට 90ක් නැත්නම් මේ අයගේ වැටුප් වර්ධක අත්හිටුවයි..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lankan Schools Education
By Aruna Aug 23, 2023 03:27 AM GMT
Aruna

Aruna

Report

මේ වසරේ අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට අනූවක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා එම පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මේ බව ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සියයට අනූවේ ඉලක්කයට ළඟාවන සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේ විශේෂ දීමනාවක් ලබාදෙන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.

හෙතෙම දැනුම් දී ඇත්තේ, සේවා කාලය තුළ එක් වරක් පමණක් ලබාදෙන මෙම විශේෂ දීමනාව වැටුප් වර්ධක තුනකට ලබාදෙන බවත්, මීට අමතරව එම විදුහල්පතිවරුන් වෙත ප්‍රමුඛත්ව සේවා ප්‍රවේශ පතක් (Service priory access card) ලබාදෙන බවයි.

මේ අනුව, සාමාන්‍ය පෙළවිභාගයේ සමත් ප්‍රතිශතය සියයට අනූවක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය අත්පත් කර ගන්නා තෙක් වැටුප් වර්ධකය අත්හිටුවීමේ තීරණය ක්‍රියාත්මක වන බවයි එහි දක්වා ඇත්තේ.

ReeCha