ප්‍රධාන විභාග 03 සහ සියලුම පාසල් විභාග සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Report

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ අනුව, එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවයි,ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

හුණුපිටිය ප්‍රදේශයේ පිපිරීමක්..පුද්ගලයෙක් මරුට..

හුණුපිටිය ප්‍රදේශයේ පිපිරීමක්..පුද්ගලයෙක් මරුට..


මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

"මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18 දී. 21 දී එළියට ආවා. අද ඇතුළු වෙන්නේ 21 දී. මම දැන් සාකච්ඡා කරගෙන යනවා 2025 හෝ 2026 සිට නීතියක් පනවමු දෙසැම්බර් මාසයේ මේ විභාගය තියන්න ඕනේ.

මේ මාසයේ ඒ අයව විශ්වවිද්‍යාලයට ඇතුළු කළ යුතුයි කියලා. ඒක කැඩුවොත් දඬුවම් කරන විදියට කරන්න. අනික විශේෂයෙන්ම අපි සාකච්ඡා කරගෙන යන්නේ, විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදලා එකකට පාසල් විභාග භාරදෙන්න.

අනික් අයට අනිත් විභාග භාරදෙන්න. මොකද පහේ විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළට අමතරව මේ අය විභාග 50ක් - 100ක් විතර කරනවා රජයේ.

මේක වෙන්කරලා අපි වෙනම අංශයක් දාමු රජයේ විභාග පවත්වන්න."