දකුණු කොරියාවේ හිටපු අගමැති සහ ඔත්තු බැලීමේ ප්‍රධානියා අත්අඩංගුවට

Report

2024 දෙසැම්බර් මාසයේදී හිටපු ජනාධිපති යූන් සුක්-යොල් විසින් කෙටි කාලීන යුද නීතිය පැනවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු හිටපු අගමැතිවරයෙකු සහ එරට ඔත්තු බැලීමේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇති බවට එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව කැරැල්ලක් ඇති කිරීමේ චෝදනාව මත හිටපු අගමැති හ්වාං ක්යෝ-ආන් සහ රාජකාරි පැහැර හැරීම ඇතුළු NIS නීතිය උල්ලංඝනය කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවයේ (NIS) හිටපු ප්‍රධානියා වන චෝ තේ-යොං අද දින අත්අඩංගුවට ගෙන ඇත.

මේ බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය දක්වා ඇත. මෙම යොන්හැප් ඒජන්සිය දක්වන පරිදී, යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හ්වාන්ග් රටේ ජාතික සභා කථානායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙසත්, මැතිවරණ වංචාවලට සම්බන්ධ යැයි කියන අය මුලිනුපුටා දමන ලෙසත් ඉල්ලා සිටිමින් ෆේස්බුක් හි පළ ක‍ර තිබෙනවා.

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

එමෙන්ම අපකීර්තියට පත් ජනාධිපති යූන්ගේ සමීපතමයෙකු වූ හිටපු බුද්ධි අංශ ප්‍රධානී චෝ, යුද නීතිය පැනවීමේ සැලසුම් දැන සිටීම සහ ඒ සම්බන්ධයෙන් රටේ ජාතික සභාවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳව ද චෝදනා ලැබ ඇත.

ඒ අනුව "ජාතික ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරන තත්වයක් ඇති වුවහොත්, ජාතික සභාවට මෙන්ම ජනාධිපතිවරයාටද වාර්තා කිරීමට NIS පනත එහි අධ්‍යක්ෂවරයාට බැඳී සිටී," යනුවෙන් යොන්හැප් වාර්තා ක‍ර ඇත.

එසේම වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චෝ, "එහි නීති විරෝධී බව තේරුම් ගෙන සිටියද", යුද නීතිය වෙනුවෙන් වන සැලසුම් පිළිබඳව වාර්තා කිරීමට අපොහොසත් වූ බව නඩු පවරන්නන් ප්‍රකාශ කර ඇත. තවද අඟහරුවාදා දින පැවති නඩු විභාගයකදී චෝ තමාට විරුද්ධ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් සඳහන්.

මේ අතර හ්වාන්ග් සහ චෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් මාසයේදී ධුරයෙන් ඉවත් කරන ලද 64 හැවිරිදි හිටපු ජනාධිපති යූන්ට විරුද්ධව තවත් චෝදනාවක් සඳුදා නඩු පවරන්නන් විසින් එකතු කිරීමෙන් අනතුරුවයි. 

යෝෂිතගේ ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා ඒ නිසා මේ නඩුව පදනම් විරහිතයි - වසර 8 පසු නීතිඥවරයා කියයි

යෝෂිතගේ ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා ඒ නිසා මේ නඩුව පදනම් විරහිතයි - වසර 8 පසු නීතිඥවරයා කියයි

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි