හෙට වෙනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගෙන් විශේෂ ඉල්ලීමක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ 7වන සමරුව යෙදෙන හෙට (19) දිනයේ විශේෂ යාඥාවේ දිනයක් වශයෙන් සලකා කටයුතු කරන මෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව බිහිසුණු ප්‍රහාරයකින් එදා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුර, කටුවාපිටිය සා. සෙබස්තියන් දෙව්මැදුර, මඩකලපුවේ සියෝන් යන දේවස්ථානවලට හානි සිදු වී ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි විය.
අගරදගුරුතුමන් පෙන්වා දෙන්නේ රජය හා ආරක්ෂක අංශ මෙම සමූල ඝාතනය පිටුපස සිටින සැබෑ පුද්ගලයන් හඳුනාගැනීමට විශ්වාසනීය විමර්ශනයක් කරමින් සිටින විට වැරදි මතවාද පතුරවමින් එම විමර්ශනවලට බාධා පැමිණවීමට ඇතැම් පුද්ගලයින් ප්‍රයන්ත දරමින් සිටින බවයි.
එබැවින් අගරදගුරුතුමන් මේ ඛේදවාචකයට පසුබිම් වූ සැබෑව සොයා ගැනීමට සමිඳුන්ගෙන් අයදමින් යාඥා කරන ලෙස කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි.