ඉතිරිවන කිසිදු කෑමක් ඉවත දැමීම තහනම් - ලොවක් හැරිලා බැලූ රාජ නීතිය
රජ මාළිගාවක් යනු සුඛෝපභෝගී ජීවිතයේ කූටප්‍රාප්තිය වුවත් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ කෑම මේසයේ ක්‍රියාත්මක වන එක්තරා නීතියක් එම සුරංගනා කතා සිතුවිලි සම්පූර්ණයෙන්ම කණපිට හරවා ඇත.
ඒ අනුව තමන්ගේ ආහාර වේලකින් පසු ඉතිරි වන කිසිදු කෑමක් ඉවත දැමීම රජු විසින් දැඩි ලෙස තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ බව චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා රැජිනගේ පුත්‍රයා මෙන්ම ප්‍රකට ආහාර විචාරකයෙකු ද වන ටොම් පාකර් බෝල්ස් විසින් හෙළි කරයි.
පනස් එක් හැවිරිදි ඔහු සිය නවතම ග්‍රන්ථය වන 'Cooking And The Crown' ඔස්සේ රජ පවුලේ කෑම මේසයේ ඇති මෙම අපූරු රහස ලෝකයට හෙළි කර තිබෙනවා.
සාමාන්‍යයෙන් රජවරුන්ගේ භෝජනාගාරවලින් දිනපතා අතිරික්ත ආහාර ප්‍රමාණය ඉවත දැම්මද චාල්ස් රජු ඊට හාත්පසින්ම වෙනස් බවත්, කෑම මේසයෙන් ඉතිරි වන සෑම දෙයක්ම ඊළඟ දිනයේ වෙනත් ආහාරයක් බවට පරිවර්තනය වීම හෝ යළි ප්‍රයෝජනයට ගැනීම එහි අනිවාර්ය කරුණක් බවත් ටොම් පාකර් සිය ග්‍රන්ථයේ සටහන් කර ඇත.
එමෙන්ම ආහාර නාස්තිය දැඩි ලෙස පිළිකුල් කරන රජු කිසිවක් කුණු කූඩයට දැමීමට ඉඩ නොදෙන බව රාජකීය ලේඛක රිචඩ් ෆිට්ස්විලියම්ස් ද වැඩිදුරටත් තහවුරු කර ඇත.
තවද එක්සත් රාජධානිය තුළ පමණක් වසරකට ආහාර ටොන් මිලියන 9.5ක් පමණ නාස්ති වන පසුබිමක රජුගේ මෙම ආදර්ශය අතිශය තීරණාත්මක එකක් බව වාර්තා වේ.
මේ අතර ෆෙයාෂෙයාර් (FareShare) ආයතනයේ දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ මිලියන 11කට අධික ජනතාවක් එදිනෙදා කුසගින්න නිවාගැනීමට දැඩි අරගලයක නිරත වෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි
එමෙන්ම මෙම බිහිසුණු සමාජ ඛේදවාචකයට පිළියමක් වශයෙන් චාල්ස් රජු සහ කැමිලා රැජින එක්ව 2023 වසරේදී ‘Coronation Food Project’ නමින් දැවැන්ත ව්‍යාපෘතියක් ද දියත් කර තිබෙනවා.
ඉන් අපේක්ෂා කළේ නාස්තිය අවම කරමින් ආහාර අර්බුදයට මුහුණ දී සිටින ජනතාවට සහනයක් සැලසීම බව සඳහන්. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව පමණක් නොව, සමස්ත පරිසර පද්ධතියම රැකගැනීම සඳහා රජු සිය සම්පූර්ණ කාර්ය මණ්ඩලයම මෙහෙයවා ඇති අයුරු විශ්මයජනක වේ.
එසේම බකිංහැම් මාළිගයේ බලශක්ති පරිභෝජනය අවම කිරීම, උද්‍යානවල කෘමිනාශක භාවිතය සීමා කර වනජීවීන්ට හිතකර පරිසරයක් සැකසීම සහ යල්පැනගිය තාක්ෂණික උපකරණ ප්‍රතිචක්‍රීකරණය සඳහා පරිත්‍යාග කිරීම වැනි තිරසර පියවර රැසක් එහි ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් බොහෝ ලෝක නායකයින් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් පරිසර සමුළු අමතන විට, බ්‍රිතාන්‍යයේ රජු තම කාර්යභාරය නිවසේ කෑම මේසයෙන්ම ආරම්භ කර තිබීම සෙසු පාලකයින්ට කදිම පිළිතුරක් සපයයි.