හිටපු මන්ත්‍රීවරයෙක් බිහිසුණු අනතුරකින් ජීවිතක්ෂයට
කින්නියා ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ ඒ.එම්. ඉබුනුල්ලා (55) මහතා අද (27) දින දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට කින්නියා පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ කින්නියා - තඹලගමුව මාර්ගයේ වෙල්වේළි ප්‍රදේශයේදීයි. පොලිස් ආරංචි අනුව මෙම අනතුර සිදුව ඇත්තේ එම මොහොතේ පැවති අයහපත් කාලගුණය සහ දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන්.
එසේම මූලික පොලිස් පරීක්ෂණවලින් සඳහන් කර ඇත්තේ අයහපත් කාලගුණය තිබියදීත් වේගයෙන් ධාවනය වුණ ලොරියක් හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ භයානක අනතුර සිදුව ඇති බවයි.
එසේම අනතුර කළ ලොරිය සහ රියැදුරා මේ වනවිට කින්නියා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම සැකකාර රියැදුරා මූතූර් පාල නගර් ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලීසිය සිදු කරයි.