නාය යෑමෙන් බදුල්ලේ පුද්ගලයන් 23 ක් මරුට - 5ක් අතුරුදහන්

Report

අයහපත් කාලගුණයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑම් සහ පස්කදු කඩා වැටීම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එසේම තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද සිදුවූ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

එසේම නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැක්වූයේ තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්වී ඇති බවයි.

මහනුවර නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට - තවත් 17ක් අතුරුදන්

මහනුවර නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට - තවත් 17ක් අතුරුදන්