උල්හිටිය – රත්කිද ජලාශයේ වාන්දොරටු 7 ම විවෘත කරයි
By Kanchana
දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ වාන් දොරටු 07ම විවෘත කර ඇත.
එ අනුව එහි තාක්ෂනික නේවාසික නිළධාරි දීප්ත චන්දන ජයසේකර මහතා සදහන් කළේ එක් දොරටුවකින් ගණ මීටර් 11 බැගින් ජලය උල්හිටිය ඔයට මුදා හරින බවයි.
දැනට පවතින වර්ෂාව තවදුරටත් වැඩිවුවහොත් ජලය මුදා හැරීම ඉහල යාහැකි නිසා උල්හිටිය ඔය දෙපස ජනතාව සහ රත්කිද හොබරියාව මාර්ගය භාවිතා කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුවත් කර තිබේ.