මේ දෙන්නව දැක්කොත් වහාම කියන්න

Report

ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු ඔක්තෝබර් 11 වැනිදා සිට අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අතුරුදහන් තරුණයාගේ මව විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, ඔහු අවසන් වරට දැක ඇත්තේ එදින රාත්‍රියේ පැවති සාදයකදී පුද්ගලයින් දෙදෙනෙකු සමඟය.

එම සාදයෙන් පසු තරුණයා නිවසට පැමිණ නොමැති අතර, එම පුද්ගලයින් දෙදෙනා ද සාදයෙන් පසු ඔවුන්ගේ නිවෙස්වලට නොපැමිණීමත් සමඟ ඔවුන් දැන් අතුරුදන් බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි

මූලික විමර්ශනවලින් පෙනී යන්නේ මෙම පුද්ගලයින් දෙදෙනා අතුරුදහන් තරුණයාගේ අතුරුදහන් වීමට සෘජු සම්බන්ධතාවයක් ඇති බවයි. එබැවින් ඔවුන් දෙදෙනා කඩිනමින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු දන්නා මහජනතාව එම තොරතුරු රහසිගතව දැනුම් දෙන ලෙස පොලිසිය ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටී.

අවශ්‍ය පුද්ගලයින් දෙදෙනා පිළිබඳ තොරතුරු ඇති මහජනතාවට 071-8591575 සහ 011-2421414 යන දුරකථන අංක හරහා පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරයි

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්