මිනී පෙට්ටි රැගෙන එයි - සජිත් නාමල්ගේ රූපෙට ගිනි තියයි

Report

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පා ඇත.

ඊට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල (16) දින පස්වරුවේ වතු කම්කරුවන් විරෝධය දක්වමින් උද්ගෝෂණයක නිරත විය.

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ඝෝෂණය නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කල බවත් ඔවුන් පවසයි.

විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති බවත්, තමන්ගේ දුක දන්නා පාලකයින්ට ඉදිරියෙදි තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඔවුන් පවසයි.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

බගවන්තලාව නගරයෙදි මිනී පෙට්ටියක් රැගෙන වතුකම්කරුවන් උද්ඝෝෂණකර නාමල් රාජපක්ෂ මහතාගේ පිලිරුවක් සකස් කර එයටද නගර මධ්‍යයේදි ගිනි තබා වැටුප් වැඩි කිරිමට විරුද්ධ වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපද ගිනි තබා ඇත.