දේශපාලන උඩුයටිකුරු වෙයි - ප්‍රබලයකුගේ සහයත් මාලිමාවට

Report

අද (16) හැටන් නගරයේදී දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ (DPF) නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසුවේ මෙම මස 21 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට ස්තූතිවන්ත වන බවත්, වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

එමෙන්ම වතු දේශපාලඥයන් ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම, රජයේ ඇතැම් පාර්ශවයන්ගේ සැලසුම් සහගත ක්‍රියාවක් බව ඔහු පැවසුවේය.