රු.1,700ක වැටුප් වැඩි වීමක්?.
By krishani
තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ හෙට (22) සිටයි.
එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වතු සේවකයින්ගේ දෛනික වැටුප රු. 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය දී එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදුකරන බවයි.