තවත් ලියාපදිංචි දෙකක් අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් - දින 90ක් ඇතුළත මෙය අනිවාර්යයි
තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය පරිවර්තන කමිටුවක් යටතට පත්කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.
ඒ අනුව ක්රීඩා අමාත්යවරයාට පැවරී ඇති බලතල ප්රකාරව බැඩ්මින්ටන් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටවූ බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙසේ එම සංගමය පරිවර්තන කමිටුවක් යටතට පත්කර ඇති බව වාර්තා වේ.
අඳාළ කමිටුවට එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතාගේ සභාපතිත්වයෙන් නිලූක කරුණාරත්න, මිලින්ද සූරියආරච්චි, ස්වදෙශ් රන්දික ද සිල්වා හා සමන් ශ්රී ලාල් යන පස්දෙනෙකු නම්කර ඇත.
එබැවින් බැඩ්මින්ටන් සංගමයේ සිදුවූ බව පැවසෙන වංචා දූෂණ සහ වෙනත් අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, ක්රීඩා පනත, එහි සංශෝධන සහ ඒ යටතේ පනවා ඇති රෙගුලාසිවලට අනුකූලව ශ්රී ලංකා බැඩ්මින්ටන් නව ව්යවස්ථාවක් සම්මත කිරීම ඔවුන්ට පැවරී තිබෙනවා.
රටම ඇවිලුණු සිවුරේ ප්රශ්නේ විසඳයි - මීට පසු අනුගමනය කළ යුතු ක්රියාපටිපාටිය මෙන්න - නව ගැසට් නිවේදනය නිකුත් කරයි
එසේම ශ්රී ලංකා බැඩ්මින්ටන් සඳහා නව ව්යවස්ථාව යටතේ සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ ශ්රී ලංකා බැඩ්මින්ටන් වෙනුවෙන් නව ව්යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම ඇතුළුව කටයුතු ඉටුකිරීමට මෙම පරිවර්තන කමිටුවට වගකීම් ලබාදී ඇත.
එබැවින් ක්රීඩා පනතේ රෙගුලාසි අනුව නව ව්යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත නව නිලධාරීන් පත්කර ගැනීමට නිලවරණය පැවැත්විය යුතු වේ.
තවද නව ව්යවස්ථාව යටතේ පැවැත්වෙන වාර්ෂික මහ සභා රැස්වීමකදී බැඩ්මින්ටන් සංගමයට නිලධාරීන් තෝරා ගන්නා තෙක්, එහි කාර්යයන් කරගෙන යාම සහ කළමනාකරණය කිරීම මෙම පරිවර්තන කමිටුව යටතේ සිදු වන බව සඳහන්.
මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි
එමෙන්ම ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචියද තාවකාලිකව අත්හිටුවූ බව දන්වා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම සංමගයේ සිදුව ඇති වංචා දුෂණ සහ වෙනත් අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම, ශ්රී ලංකා පාපැදි සම්මේලනයට නව ව්යවස්ථාවක් සම්මත කිරීම ඇතුළු කටයුතු සඳහා සාමාජිකයින් 5කින් යුත් පරිවර්ථන කමිටුවක් පත්කළ බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
අඳාළ කමිටුව විසින් නව ව්යවස්ථාවක් යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීම, පාපැදි සම්මේලනය සඳහා නව ව්යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීම ඇතුළුව කටයුතු අධීක්ෂණය කරයි.
එසේම අනුර මහආරච්චිගේ මෙම පරිවර්තන කමිටුවේ සභාපතිවරයා වන අතර, රියර් අද්මිරාල් (විශ්රාමික) වන්දන රත්නායක, ආර්. චන්ද්රසේකර, උපාලි රත්නායක හා කුසලානි වික්රමරත්න සෙසු සාමාජිකයන් වෙයි.
එබැවින් ක්රීඩා පනතේ රෙගුලාසි අනුව නව ව්යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් දින 90ක් ඇතුළත නව නිලධාරීන් පත්කර ගැනීමට නිලවරණය පැවැත්විය යුතු වේ.