වතු සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුම් හෙට (30) සිදු කිරීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කළේය. මේ සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ ගිවිසුම් සකස් කිරීමට සැලසුම් කර තිබේ.
2026 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරු ප්‍රජාවේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා වැඩි කිරීමට පියවර ගත්තේය.
එයට අමතරව, රජය රුපියල් 200ක වර්ෂික දීමනාවක් ගෙවීමට තීරණය කළ අතර, ඒ අනුව සම්පූර්ණ වැටුප් රුපියල් 1,750 ක් වනු ඇත.
මෙම වැඩිවූ වැටුප් සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 5,000 ක් වන බවද අමාත්‍යංශය සඳහන් කළේය.