දේශීය කිරිපිටි මිලත් ඉහළ යයි - සිමෙන්ති, තිරිඟු පිටි සහ ගෑස් මිලට වෙන දේ..?

gas milk powder cement flour Lasantha Wickramasekara
By Sithumi Oct 09, 2021 04:36 PM GMT
Sithumi

Sithumi

Report

දේශීය කිරිපිටි මිළ ද ඉහළ දැමීමට සිදුවන බව මිල්කෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසේකර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බැවින් කිරිපිටි මිළ ඉහළ නැංවිය යුතු බවයි.

කිලෝග්‍රෑම් එකක මිල මිල රුපියල් 250 කින් ඉහළ දමා තිබෙනවා. එමෙන් ම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

එහිදී මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසේකර එහිදි ජනතාවගෙන් ඉල්ලිමක් කළේ කිරිපිටි වෙනුවට ආදේශකයක් ලෙස දියර කිරි පානය කිරිම සඳහා යොමුවන ලෙසටයි. මේ අතර, ගෑස්, සිමෙන්ති සහ තිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාගම් අතර සාකච්ඡා පැවැත්වෙනවා.

එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සඳුදා දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 200 කින් වැඩිකල යුතු බවට සිමෙන්ති සැපයුම්කරුවන් විෂයභාර අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවේදී යෝජනා කර තිබුණා.

එහිදී අමාත්‍යවරයා සමාගම්වලින් ඉල්ලා ඇත්තේ රුපියල් 100 කට ආසන්න මුදලකින් සිමෙන්ති මිල ඉහළ දැමීමට කටයුතු කරන ලෙසටයි. ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 97 කින් ඉදිරියේදී ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 ත් 12 ත් අතර මිලකට ඉදිරියේදී ඉහළ යාමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ගෑස් සම්බන්ධයෙන් මේ වනවිටත් නිෂ්චිත මිලක් තීරණය වී නොමැති අතර, එම සමාගම් මේ වනවිටත් ඊට අදාළ සාකච්ඡාවල නිරත වී සිටිනවා.

මේ අතර, ලබන සතියේ සිට ආනයනික සහල් තොඟ වෙළඳපොළට නිකුත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියා. අද මහනුවර ප්‍රදේශයේ සතොස ශාඛාවක් විවෘත කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආනයනික සහල් රුපියල් 100 කට අඩු මුදලකට ජනතාවට ලබා දෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now