පුද්ගලයින් 9 ක් මිය ගිය ඊශ්‍රායල් පලස්තීන ගැටුම..

By Sithumi Jan 26, 2023 11:11 AM GMT
Sithumi

Sithumi

Report

ඊශ්‍රායෙල් හමුදා විසින් බටහිර ඉවුරේ සිදුකළ මෙහෙයුමකදී පලස්තීනුවන් 9 දෙනෙක් මරණයට පත්වී තිබෙනවා.  

ජෙනින් නම් ප්‍රදේශයේ සිදුකර ඇති එම හමුදා මෙහෙයුම හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් එම ස්ථානයට සහන කණ්ඩායම් සඳහා ළඟා වීම දුෂ්කර වී ඇති බවයි පලස්තීන නිලධාරීන් පවසන්නේ. 

  එහි පිහිටි ළමා රෝහලකට ඊශ්‍රායෙල් හමුදා එල්ලකළ කඳුළු ගෑස් වැදී ඇති බවද වාර්තා වුණා. පලස්තීන සටන්කාමීන් විසින් සැලසුම් කරමින් තිබූ විශාල ප්‍රහාරයක් වැළැක්වීමට ඔවුන් කටයුතු කළ බවයි ඊශ්‍රායෙල් හමුදා පවසන්නේ.