මෙහෙම දෙයක් නම් හීනෙන්වත් හිතන්න නැතුව ඇති - හැමෝම සතුටු කරමින් සේවක අර්ථසාධක අරමුදල (EPF) ගැන සුබ ආරංචියක්..!

Ministry of Finance Sri Lanka Economy of Sri Lanka employee provident fund Latest Headlines
By Sewvandhi Jan 10, 2025 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රුපියල් බිලියන 109.69ක් බව එම අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.

රුපියල් බිලියන 110.03ක් ලෙසයි, මෙය 2024 ජුනි 30වන දිනට සටහන්ව තිබුනේ.

2024 සැප්තැම්බර් 30වන දිනට අරමුදල විසින් කොටස් ‌වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන් හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 88.67ක් වූ අතර ඒ අනුව 2024 තුන් වන කාර්තුවේ සේවක අර්ථසාධක අරමුදල කොටස් ‌වෙළෙඳපොළ තුළ ආයෝජනයෙන් අත්පත් කරගෙන ඇති සමස්ත ලාභය රු. බිලියන 21.01කි.

මේ වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 66ක් වේ.

2024 ජුනි 30 වන දිනට එම සංඛ්‍යාව 67ක් වූ අතර ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී සොෆ්ට් ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ සිදුකර තිබූ ආයෝජනවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට අරමුදල පියවර ගෙන තිබේ.

………………………………………………………………………………………

You may like this video 👇



ReeCha