ජනාධිපති ලේකම් කාර්යාලය, ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරයි. - මෙන්න දැන් ලැබුණු විශේෂ අධිකරණ නියෝගය.

Presidential Secretariat of Sri Lanka Sri Lanka Magistrate Court
By Wayomi Jan 08, 2025 07:13 AM GMT
Wayomi

Wayomi

Report

අද(08) දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.

ඒ , අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රිය ස්ථානයේ සිට සිදු කරන උද්ඝෝෂනය සම්බන්ධයෙන් කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

පොලිසිය අධිකරණයට කරුණු දන්වා සිටියේ දෛනිකව කොළඹ නගරයට ලක්ෂ පහක පමණ පිරිසක් පැමිණෙන අතර පෙළපාලි ඇතිවුවහොත් විශාල මහජන පීඩාවක් වාහන තදබදයක් ඇති විය හැකි බවයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

එමෙන්ම අද දවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වෙන බවත් ඊට රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, මැති ඇමැතිවරුන් 225ක පමණ පිරිසක් සහභාගී වන බවත් කොටුව ස්ථානාධිපතිවරයා දන්වා සිටියා.

ඒ අනුව එම කරුණු සලකා බලා දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණ කරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් සහ සාමකාමී උද්ඝෝෂණ පැවැත්විය හැකි බව දන්වමින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ගැන පාර්ලිමේන්තුවේදී අලුත් යෝජනාවක්.

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ගැන පාර්ලිමේන්තුවේදී අලුත් යෝජනාවක්.


You May Like This Video

 

ReeCha