ක්‍රිකට් රසිකයින්ට සුබ දෙයක් නම් නෙමෙයි මේ.. අවු.33කට පස්සේ අහන්න ලැබුණ නොහිතපු ඒ සංවේදී පුවත මෙන්න..
අද (01) එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයට පත් විය.
ඒ ලකුණු 190ක දැවැන්ත පරාජයක් ය.
ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකි විය.
එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 483ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 86.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 292ක් පමණක් වේ.
එහිදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න (55), දිනේෂ් චන්දිමාල් (58), නායක ධනංජය ද සිල්වා (50) හා මිලාන් රත්නායක (43) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක් විය.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගස් ඇට්කින්සන් ලකුණු 62කට කඩුලු 05ක් දවා ගත්තේ ය.
සිවු දිනකින් අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කළේ ය.
එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කළ හැකි වූයේ ලකුණු 196ක් පමණක් වේ.
ඒ අනුව ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස්කර ශ්‍රී ලංකාවට ලකුණු 483ක් ඉලක්කයක් ලබා දුන්නේ ය.
මෙම තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙස ය.
අද අවසන් වූ තරගයද ඇතුළුව දෙරට අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග 09ක් පැවැත් වීය.
වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
කෙසේ වෙතත්, ඉන් අවසන් වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ 1991 වසරේ දී වේ.
ඉන් අනතුරුව 2002 වසරේ සිට මීට පෙර පැවති තරග පහම ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.