රටම කතාකළ සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියා ආයෙමත් කරළියට- සංවේදී සටහනක් මුහුණුපතට
සෙනෙහසේ කැදැල්ල ලොකු අයියා මේ වනවිට නොදන්න කෙනෙක් නැති තරම් . ඒ පසුගිය දා හොරණ, බටගොඩ 'මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල' රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න නිසාවෙන් .
මෙම ගින්නෙන් 13 න් දෙනෙකු ඛේදජනක ලෙස මරණයට පත් වුණා.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 ස් වෙනිදා නියම කරලා තිබුණා .
කෙසේ නමුත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටි බවට වාර්තා වුණේ .
ඒ අනුව නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාැරීමට නියෝග කර තිබුණා.
කෙසේ නමුත් ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ නඩුව මෙම මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය. ගොඩක් දෙනෙක් ඔහු ගැන හොද නරක විවිධ අදහසක් දක්වලා තිබුණා, හැමෝම කතා කරන ලොකු අයියා ඇප මත නිදහස් වෙලා සමාජ මාධ්‍ය කළඹමින් සටහනක් මුහුණුපතට එකතු කරලා තිබුණා.
ඒ ඔහු වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුති වන්තවෙමින්
මං වෙනුවෙනුන් කතා කරපු මං ගැන මගේ නිවාසය ගැන හදවතින්ම සොයා බලපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් පිං..මට 11ඇප ලබුනා.ඉතින් තාමත් නීතිමය කටයුතු සිදු කරගෙන යන නිසා ලොකු විස්තරයක් කියන්න ලියන්න අමාරුයි.මෙහෙම හරි පෝස්ට් එකක් දාන්නේ මං වෙනුවෙන් වචනයකින් හරි කතාකරපු ඔය හැමෝටම කෘතවේදී වෙන්න ඕන නිසා.
මේ නීතිමය කටයුතු හරියාකාරව කරගෙන මන් ඔයාලා හැමෝටම උත්තර දෙන්නම් එතකම් හැමෝම පරිස්සමින් ඉන්න.මං වෙනුවෙන් හිටපු ඔයාලට සියදහස්වාරයක් පිං🙏මේ දැනට මං ගාව තියන නම්බර් එක ඒකෙන් මාව සම්බන්ද කරගන්න පුලුවන් 0711717440 🙏