ට්‍රම්ප්ගෙ ප්‍රහාරය නිසා ලෝකෙම කැළඹෙයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි කැඳවීමක්
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය මඟින් අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගෙන හදිසි රැස්වීමක් කැඳවා ඇති බවට වාර්තා වේ.
ඒ අනුව හෙට (23) දිනයේ මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව සඳහන්.
එසේම මේ වන විටත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත අමෙරිකාව සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී මොහමඩ් එස්ලාම් විසින් ලිඛිත දැනුම් දීමක්ද කර ඇති බව පවසයි.

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස
එම දැනුම්දීමෙහි ඉරානය ඉල්ලා ඇත්තේ අමෙරිකානු ප්‍රහාරය හෙළා දකින ලෙසයි.
ඊට අමතරව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය මඟින් අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර නිසා විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බවට තහවුරු කර ඇති බව වාර්තා වේ.