කලක් විශාල ලෙස කතා කළ ක්‍රීඩකයාගෙ මරණය සම්බන්ධයෙන් දෙදෙනෙක් රිමාන්ඩ්

Crime caught criminal
By Sithumi Oct 15, 2021 03:47 PM GMT
Sithumi

Sithumi

Report

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවී ඇති සැකකරුවන් අද (15) තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුටය.

එහිදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ඒ මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය. එහිදී විමර්ශන සිදුකරන මට්ටක්කුලිය පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම අපරාධයට අදාළ නඩු භාණ්ඩ විශ්ලේෂණයකර වාර්තා ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවය.

මෙම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ තිබෙන සැකකරුවන් විසින් කුලී පදනම යටතේ ලබාගත් වාහනයක් මුදාහරින ලෙස එහි හිමිකරුවන් විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි. එම ඉල්ලීමට අනුව නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය අදාළ වාහනය එහි ලියාපදිංචි අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස නියෝග කළාය.

එමෙන්ම නඩුව නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය, ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියෝග කළාය.

අදාළ එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල්වරයා, එම කඳවුරට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරිනියක ඇතුළු 15 දෙනකු සැකකරුවන් වශයෙන් නම්කර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now