දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ මිල ඉහල යයි ද?

Mobile phone Tv Prige Electronic inqickment Ajith niwad kabral
By Aruna Jul 04, 2021 09:30 AM GMT
Report

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.

මේ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ, සුවඳ විලවුන් හා අලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා විය.

එහිදී විනිමය සංචිතය ශක්තිමත්වීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කෙරෙණු ඇති බවද වාර්තා වී තිබුණි.

එම මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

හෙට (05) මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් රටෙහි වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now