විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම දෙසැම්බර් 27 වැනිදා ආරම්භ කිරීමට නියමිත ය.
ඒ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ ය.
ඒ, අනුව මෙම මහජන අදහස් විමසීම පළාත් නවයම පුරා සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ජැක්සන් ඇන්තනීගේ බෑණනුවන්, පොලීසියට අල්ලගෙන ගිහින්.. ගේ ඉස්සරහ කඩේට යන ටිකට වෙලා තියෙන දෙය.. මාලිමාව ගැනත් කියයි.. (PHOTOS)
පළමු මහජන අදහස් ලබා ගැනීම මධ්‍යම පළාතෙන් 27 වනදා සිදුකරන අතර, දෙසැම්බර් 31 වනදා ඌව පළාත තුළ සිදුකිරීමට නියමිතයි.
සබරගමුව පළාත තුළ මහජන අදහස් විමසීම ජනවාරි 03 වන දින සිදුකරන අතර, උතුරු මැද පළාත තුළ ජනවාරි 05 වනදා එම අදහස් ලබාගැනීමට නියමිත ය.
එමෙන්ම උතුරු පළාතේ ජනවාරි මස 06 වන දිනත්, නැගෙනහිර පළාත තුළ ජනවාරි 08 වනදාත් මහජන අදහස් ලබාගැනීමට නියමිතව ඇත.
තවද, බස්නාහිර පළාතේ ජනවාරි 10 වනදා සිදුකිරීමට නියමිතයි.
මහජන උපයෝගිතා කොමිසමේ කෙටුම්පත් යෝජනාව මගින් විදුලි ගාස්තු දළ වශයෙන් 11% කින් අඩු කිරීමක් යෝජනා කරන අතර, 2025 වසරේ පළමු මාස 06 සඳහා වත්මන් ගාස්තු අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
You May Like This Video👇
.
