මග බලන් හිටිය, විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?.
විදුලි ගාස්තු සංශෝධනයට අදාලව විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා ලබන ජනවාරි 17 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරිමට නියමිතයි.
ඒ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළේ ය.
ඒ අනුව පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සලකා බැලීමෙන් පසුව ඒවා සමාලෝචනය කිරීමෙන් අනතුරුව අදාල වාර්තාව නිකුත් කිරීමට නියමිතව ඇත.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීම පැවැත්විණ.
එහිදී, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මේ බව සදහන් කළේ ය.
කෙසේ වෙතත්, විදුලි බල මණ්ඩලය 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාරිභෝගික යෝජනා හා අදහස් රැස් කිරීමට කටයුතු කළේ ය.
You May Like This Video👇
.