රාජ්‍ය සේවකයින් පිරිසක් ගැන ගත් විශේෂ තීරණය..
ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගිවී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුව, සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.
පසුගිය ජනවාරි මාසයේදි, ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය.
එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දි තිබුණි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකුගේ සේවය තහනම් කෙරෙණි. කෙසේ වෙතත් වත්මන් රජයට බලයට පත්වීමෙන් පසු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත එම සේවකයින් යළි සේවයේ පිහිටුවීමටත්, අහිමි කර තිබු වරප්‍රසාද යළි ලබාදීමට මෙන්ම දඬුවම් මාරු අවලංගු කිරීමටත් කටයුතු කර ඇත.
ඔබත් මේ පුද්ගලයාට රැවටුනාද..? අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු සිදු කරන අපරාධය...
එමෙන්ම එම සේවකයින් අද (24) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ද හමුවිය.
………………………………………………………………………………………
You may like this video 👇