විදුලිබල මණ්ඩලයේ ලාභය පහළ වැටේ

Report

2025වර්ෂය දෙවන කාර්තුවට අදාළව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 5.31ලාභයක් උපයාගෙන තිබේ.

නමුත් 2024 සමඟ සංසන්දනය කරන විට රුපියල් බිලියන 34.53 ශුද්ධ ලාභයට අනුව විශාල පහත වැටීමක් බව සඳහන් වේ.

මෙම ලාභ පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආදායම පහත වැටීමයි. 2024 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 146.60ක්ව පැවති ආදායම, 2025 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 98.62ක් දක්වා සියයට 33කින් පමණ පහත වැටී ඇත.

බලශක්ති ඇමති ගැම්මට තෙල් මිල ගැන දුන්න ටෝක් එක, අඩු කරන්න අපිත් ආසයි ඒත් කෝ බෑනේ

බලශක්ති ඇමති ගැම්මට තෙල් මිල ගැන දුන්න ටෝක් එක, අඩු කරන්න අපිත් ආසයි ඒත් කෝ බෑනේ

විකුණුම් පිරිවැය ද රුපියල් බිලියන 109.63 සිට රුපියල් බිලියන 91.6 දක්වා සියයට 16ක අඩුවක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, 2024 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 36.96ක් වූ දළ ලාභය, 2025 දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 7.02ක් දක්වා සියයට 81කින් පහත වැටී ඇත.

2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවන කාර්තුවේදී මූල්‍ය කාර්යසාධනය යම් දියුණුවක් පෙන්නුම් කර ඇත. පළමු කාර්තුවේදී රුපියල් බිලියන 93ක් වූ ආදායම, දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 98ක් දක්වා ඉහළ ගොස් ඇත.

දෙයියනේ තවත් බිහිසුණු අනතුරක්, කුඩා දරුවන් 17 ක් එක්ක 73 දෙනෙක් ජීවිතක්ෂයට

දෙයියනේ තවත් බිහිසුණු අනතුරක්, කුඩා දරුවන් 17 ක් එක්ක 73 දෙනෙක් ජීවිතක්ෂයට

පළමු කාර්තුවේදී රුපියල් බිලියන 112ක්ව පැවති විකුණුම් පිරිවැය, දෙවන කාර්තුවේදී රුපියල් බිලියන 92ක් දක්වා සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කර තිබේ. මෙම වෙනස්කම් හේතුවෙන්, පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 18ක පාඩුව වෙනුවට, දෙවන කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 11ක දළ ලාභයක් උපයා ඇත.