සෑම දිනකටම විදුලි බල මණ්ඩලයේ සේවකයන් 05 දෙනෙකුට සිදුවන දේ මෙන්න.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විදුලි අධිකාරිවරුන් ඇතුළු තාක්‍ෂණික අංශ සේවකයන් පස්දෙනකුවත් සෑම දිනකම සේවයෙන් ඉවත් වී විදේශ රැකියා සඳහා යොමුවීමට පටන්ගෙන ඇතැයි විදුලිබල මණ්ඩලය කියා සිටිනවා.
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හා අපේක්‍ෂා භංගත්වය නිසා ඔවුන් එසේ සේවයෙන් ඉවත්වන බව විදුලිබල මණ්ඩලය කියයි.
මීට මාස කිහිපයකට පෙර විදුලිබල මණ්ඩලයේ සිටි සේවකයන් 24000 මේ වනවිට 22,000 ක් පමණ දක්වා පහළ ගොස් ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය.
රජයේ සේවකයන් විශ්‍රාම ගන්වන වයස හැට දක්වා අඩු කිරීම නිසා හැට පිරි විශ්‍රාම යන පිරිසට අමතරව තාක්‍ෂණික හා කාර්මික ක්‍ෂේත්‍රවල රැකියා කරන සේවකයන් මේ ආකාරයට විදේශ රැකියා සඳහා යොමුවන බව ද ඒ මහතා කීය.
දළ වශයෙන් ගත්විට දිනකට විදුලිබල මණ්ඩල සේවකයන් පස්දෙනකුවත් රැකියාවට ආයුබෝවන් කියා විදේශ ගත වන බව ද ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
