මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කුමක් වෙයි ද?.

Dr Wijeyadasa Rajapakshe Election Latest Headlines Decision Making
By krishani Feb 25, 2024 05:20 PM GMT
krishani

krishani

Report

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කුමක් වෙයි ද?. | Elections In Sri Lanka

ඒ මෙම වසර මැතිවරණ වසරක් බවත් කිසිවිටෙකත් මැතිවරණ කල් දැමීමට කටයුතු නොකරන බවත් ය.

එමෙන්ම, නියමිත කාලයට ජනාධිපතිවරණය, මහමැතිවරණය මෙන්ම ඉතිරි මැතිවරණ ද පැවැත්වෙන බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ආණ්ඩුව අවශ්‍ය තීන්දු තීරණ අරගෙන කටයුතු කළ නිසා රට වර්තමාන තත්ත්වයට ගොඩනැගීමට හැකි වූ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.