යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් කපිල දොලගේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවට අනුව, මේජර් ජෙනරාල් දොලගේ මහතා 2025 ජුනි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
ඔහු 2025 පෙබරවාරි සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා වෙනුවට පත් කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.