ඉරාන තානාපති - විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

Vijitha Herath Iran Sinhala news Iran-Israel War Israel-Iran conflict
By Shehan Jun 26, 2025 06:47 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

තම X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් පවසා ඇත්තේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.

වෛද්‍යවරු ඉල්ලන හැම ඖෂධයක්ම දෙන්න රජයට බෑ කියන නලින්ද

වෛද්‍යවරු ඉල්ලන හැම ඖෂධයක්ම දෙන්න රජයට බෑ කියන නලින්ද

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම ඉරාන තානාපතිවරයාට මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම, ගැටුම් තවදුරටත් උත්සන්න වීමෙන් කලාපයට සහ ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම් මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඔහු පවසයි.

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

මේ අතර, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉදිරි සතියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එම සාකච්ඡාවලින් පසු ගිවිසුමකට එළඹීමේ හැකියාවක් ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ReeCha