මුලින්ම ජනාධිපතිවරණයද.? මහා මැතිවරණයද..?

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Election Local government Election
By Sewvandhi Feb 25, 2024 08:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වන විට දේශපාලන සන්ධාන සමඟින්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ දක්වාත් මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න නිශ්චිත තත්ත්වයකට එළැඹීමට කිසිවකුට නොහැකි ව ඇත.

මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වාත් නිල ප්‍රකාශයක් සිදු නොකිරීමයි, ඊට හේතුව වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ පළමු කාර්තුව තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි, අවස්ථා කිහිපයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඊයේ (24) දිනයේ ද ජනාධිපතිවරයා මේ බව යළිත් අවධාරණය කළේ ය. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් කිසියම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

එම නිසා ඔවුන් නිර්මාණය වන සියලු දේශපාලන සන්ධාන සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. එහෙත් නව දේශපාලන සන්ධාන ද මේ වන තෙක් නිශ්චිත ව නිර්මාණය වී නැත.