එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන මහමැතිවරණයට අදාළ ඇස්තමේන්තුගත මුදල භාණ්ඩාගාරයට...
By Parami Dissanayake
එළඹෙන නොවැම්බර් මස 11 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව රුපියල් බිලියන 11ක ඇස්තමේන්තුවක් මහ භාණ්ඩාගාරයට යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ ය.
එමෙන් ම, ගියවර පාර්ලිමේන්තු ඡන්ද විමසීම සමඟ බලා එලෙස ඇස්තමේන්තුගත මුදලක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.