මෙවර මැතිවරණයෙන් තේරීපත් වන මන්ත්‍රීවරුන්ට රතු එළියක්..
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කර සිටිනවා.
ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බවයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ.
මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයේ හෝටල් බව ද පැවසෙනවා.
නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසුවේ, එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවයි.