ප්‍රධාන රෝහලක පැය 24ක වැඩ වර්ජනයක්..යන්න පෙර රෝගීන් දැනුවත් වන්න..
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි, එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වලකාගොඩ මහතා ප්‍රකාශ කළේ.