බිත්තර ගැන රටටම සුබ ආරංචියක්..අද සිට මිල අඩු වෙයි..

Sri Lanka
By Aruna Mar 29, 2023 01:31 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අද සවස්වරුවේ එම බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට මීට පෙර තීරණය කෙරුණා.

ඒ අනුව එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කරනු ඇත.

මෙලෙස ආනයනය කරන ලද බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now